(පාසල ආරම්භ කළ වකවානුවකදී ලබා ගත් ඡායාරූපයකි.)
ඇත්තේ ආදර්ශ අන්තර්ගතයකි.
▷1918.01.09 දින පොල් අතු වහලින් සෙවන කළ විදු පියසට අතහිත දුන් H.J.P. ධර්ම වර්ධන මුල් ගුරු තුමන් ප්රමුඛ දෙමා පිය දු දරු සැවොම,
▷එදා මෙදා තුර අමිල මෙහෙයක් කළ මුල් ගුරු මා පිය වරුන්,
▷එදා අද තෙක් සේවා දිවිය කැප කළ ගුරු මා පිය වරුන්,
▷සැමට යහපත උදෙසා ස්වයංසේවය සැපයූ පාසල් ප්‍රජාව,
▷මගේ පාසල අපේ පාසල යන උදාර හැගුමෙන් ශක්තිය දුන් ආදි සිසුන් හා සුභපතන් නන්.
▷ඒ ඒ යුගයන් තුළ පාසලට ප්රතිලාභ සැපයූ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්.
▷පාසලෙහි නිසි මගට අතදුන් යහමග කියාදුන් පූජ්‍ය පක්ෂයේ උතුමන්,
▷නන් අයුරින් තම උපකාරය ලබාදුන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන,
▷එදා සිට අද තෙක් පාසලෙන් ගුරු හරුකම් ලැබූ, නැණ ගුණ ලැබූ පාසලට කීර්තිය අත්කර දුන් දු දරු සැවොම,
▷නිහඬ සේවයක් සැමදා කළ පාසලේ අනධ්‍යන සේවක මණ්ඩලය
▷පාසලට ඉහළින් සිට පාසලේ දියුණුවට නිසිමග පෙන් වූ නිළධාරී සැමට ඔබ සැමට සියවසක් සැපිරූ විදුහල් මෑනියගේ සදාහි වන්දනීය උත්තමාචාරය...!
පාසල් ඉතිහාසය
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලියාපිටිය කලාපයේ කුලියාපිටිය බටහිර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසල කුලියාපිටිය - කුරුණෑගල මාර්ගයේ පූගල්ල හන්දියේ සිට 6km ක් දුරින් පිහිටි ග්‍රාමීය පාසලකි. කිරින්දව ගමෙහි වැව අසබඩ රමණීය පරිසරයක අප විද්‍යාලය පිහිටා ඇත.
ක්‍රි.ව. 1918 ජනවාරි 18 වන දින තාවකාලික ගොඩනැගිල්ලක සිසුන් 70 කින් හා එක් ගුරුභවතෙකුගෙන් කිරින්දව ස්වභාෂා පාඨශාලාව නමින් ආරම්භ කළ මෙම පාසල 1963 ජූලි 01 දින මහා විද්‍යාලයක් මට්ටමට උසස් කෙරිණි.
වර්තමානය වන විට විදුහල්පති මහත්ම මහත්මීන් 21 දෙනෙකු පමණ සේවයකර ඇත. කිරින්දව මහා විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1980 දශකයයි. එම වකවානුව තුළ සිසුන් 1000 කට ආසන්න සංඛාවක් අධ්‍යාපනය ලබා ඇත.
විද්‍යාලයේ සේවය කළ සෑම විදුහල්පති මහත්ම මහත්මීන් ම විද්‍යාලය නඟා සිටුවීමට උපරිම අන්දමින් කටයුතු කර ඇති අතර රාජ්‍ය ප්රතිපත්තියකට අනූව විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කිිරීමෙන් පසුව ශිෂ්‍ය සංඛාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇත.
වසර කිහිපයකට පසුව ප්‍රාථමික අංශය විද්‍යාලය තුළ නැවත ආරම්භ කළත් දරුවන් ඇතුළත් වීමේ ප්රවනතාවය අඩු වී ඇත. එමෙන්ම 6 ශ්‍රේණියට ඇතුළත් වන ශිෂ්‍ය සංඛාව ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇත.
විද්‍යාලයේ භෞතික සම්පත් සතුටුදායක මට්ටමක පවතින අතර පාසලේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරී පාසල් ප්‍රජාවක් පාසල සතුව ඇත.
ජාතික විභාග වලදී ඉහළ ප්‍රතිඵලයක් පෙන්වන අතර විශේෂයෙන් ක්‍රීඩා, සෞන්දර්ය හා විෂය සමගාමී කටයුතු වලින් වර්තමානයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට පාසල් මාතාව ලැබූ විශේෂ ජයග්‍රහණයකි. විද්‍යාලයේ ශිෂ්‍ය සංඛාව 400 දක්වා පහළ ගොස් තුබූ අතර වර්තමානය වන විට සිසුන් සංඛාව 516 ක් දක්වා ඉහළ ගොස් ඇත.
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ඒකායන බලාපොරොත්තුව දෙමාපියන්ගේ අපේක්ෂාවන් ඉටු කරමින් ජාතික විභාග ප්‍රතිඵල හා විෂය සමගාමී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ අත්පත් කර ගනිමින් ප්‍රදේශයේ කැපී පෙනෙන විද්‍යාලයක් බවට පත් කර ගැනීමයි.








