කිරින්දව මහා විද්‍යාලය

ඇඳුරිදු හරසර ප්‍රණාම

පෙර පෝ දා වැඩසටහන

slider-sample-11300x600.jpeg
IMG-20240312-WA0150.jpg
Slide
IMG-20240324-WA0177.jpg
previous arrow
next arrow

විද්‍යාලයීය විනය නීති මාලාව

01. විද්‍යාලයීය සම්ප්‍රදායන් නීති රීති හා ගෞරවය ආරක්ෂා කිරීමට සෑම ශිෂ්‍යයෙකුම බැඳී සිටිය යුතුය.

02. පාසල් දරුවන්ට නොගැළපෙන කිසිවක් පාසලට නොගෙන ආ යුතුය. (අසභ්‍ය පුවත්පත් / පොත්පත්. කැමරා, වීඩියෝපට, දුරකථන)

03. සෑම දිනකම ශිෂ්‍ය වාර්තා පොත ගෙන ඒම අනිවාර්ය වේ.

04. පාසලින් වේලාසනින් බැහැරව යාමට අවශ්‍ය වූ විට නියමිත පරිදි මෙම පොතෙහි සටහන් තබා අත්සන් කළ යුතු අතර පාසලට නොපැමිණෙන්නේ නම් ඊට හේතුද දෙමාපියන් විසින් මෙම පොතෙහි සටහනක් තබා පංතිභාර ගුරුභවතා දැනුවත් කළ යුතුය.

05. විශේෂ අවශ්‍යතාවයකට පාසලින් බැහැරව යන්නේ නම් මව/පියා/භාරකරු සමඟ පැමිණිය යුතුය.

06. නියමිත වේලාවට විනාඩි 15 කට පෙරවත් පාසලට පැමිණ උදෑසන පිරිසිදු කිරීම් කළ යුතුය. උදෑසන පාසල ආරම්භයේදී නිශ්ශබ්දතාවයෙන් පසුව ඇසෙන වාදන ඛණ්ඩයේදී ඔබ වහාම පන්ති කාමරයට ගමන් කළ යුතු අතර උදෑසන ආගමික වතාවත් සිදු කළ යුත්තේ පන්ති කාමර තුළදී පමණි.

07. පාසලට පැමිණෙන සැම දිනකම සම්පුර්ණ නිළ ඇඳුමින් සැරසී පාසලට පැමිණීම අනිවාර්ය වේ.

08. පාසල් කාලය තුළ දී විදුහල් භුමියෙන් පිටව යා හැක්කේ විදුහල්පතිතුමාගේ අවසරය ඇතිව පමණි.

09. පාසල් වේලාවෙන් පසු කිසිම ශිෂ්‍යයෙකු ගුරු භවතුන්ගේ අවසරයක් නොමැතිව පාසල් ගොඩනැගිලි තුළත්, ක්‍රීඩා පිටියේත් ගැවසීම නොකළ යුතුය.

10. විභාග වලට පෙනී සිටින විට විනීතව ඒවාට සහභාගි විය යුතුය.

11. විද්‍යාලයීය සම්ප්‍රදායන්ට අනුව ශිෂ්‍ය නායක උපදෙස් පිළිපැදිය යුතුය.

12. විනය විරෝධි හැසිරීම් වලින් වැළකී සිටිය යුතු අතර, සෑම විටම අන් අයට ආදර්ශමත් ලෙස කටයුතු කළ යුතුය.

13. පාසල හැරගිය අවස්ථා වලදී නැවත පාසලට පැමිණෙන විට පාසලට ගැළපෙන ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.

14. මෙම විනය නීති කඩකිරීමෙන් පාසලේ විනය මණ්ඩලය දෙන දඩුවම් වලට ඔබට යටත් වීමට සිදු වේ.