දින දින ලකබර කිතු ගොස පතුරා
සිරිසෙත සැමට බෙදා
විදුකර අප මහ විදුහල වැජඹේ
සරසවි වරම ලබා
විදුකර විදු නැණ නංවන්නේ
ගුරුකැල නිබදව වෙහෙසෙන්නේ
අනාගතේ රට දැය වඩවන මග
හෙළි කර දී අප සනසන්නේ
දරු කැළ යහමග යොමු කර සිප් කිරි
පොවමින් උකුලෙ හොවා
රට දැය නංවන ජිවය ලැබදෙයි
සමගිය බලය කවා
ගජබා පැරැකුම් ගැමුණු අබා
හෙල විරුවන් ගිය මග පහදා
ඉන්මද ගැන්වෙන නැළවිලි ගීයේ
අප නලවන විදුහල් මෑනී
සමරමු ගයනෙමු ඔබෙ යහ ගුණ කද
පතුරමු දසත ලොවේ
රාකිනෙමු නංවමු විදුකර නාමය
අප හැම රැයද දිවේ..








