ශිෂ්‍යයන් සඳහා
01. කමිසයේ අත වැළමිටේ සිට අඟල් 2 ක් උසින් පිහිටිය යුතුය.
02.පාට බොත්තම් නොඇල්ලිය යුතුය.
03.පාසල් ලාංඡනය එහි සාක්කුවට අල්ලා තිබිය යුතුය.
04.කමිසයේ උස කලිසමට යට කිරීමට ප්‍රමාණවත් විය යුතුය.
05.මැහුම් කීපයක් ගැසීම නොකළ යුතුය.
06.කමිසයට පිටුපසින් රැළි නොතිබිය යුතුය.
07.කමිසයේ බොත්තම් පියවා තිබිය යුතුය.
08 .ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා විදුහල්පති විසින් විශේෂ සුදු ඇඳුමක් ඇඳීම සඳහා උපදෙස් දී ඇත්නම් එය කළ යුතුය.
09.කලිසමේ පටිය අඟල් 1 1/2 ක් පළල විය යුතුය.
10. කලිසමේ රැලි 02 බැගින් දෙපසට තිබිය යුතුය.
11. විවරය පියවීමට ඉණ පටියේ දකුණු පැත්තට හක් එකක් (ගාන්වුවක්) දමා තිබිය යුතුය.
12. පිටුපස සාක්කු නොතිබිය යුතුය.
13. කොට කලිසම දණහිසේ සිට අඟල් 01ක් උසින් තිබිය යුතුය.
14. කලිසම ඉණෙන් ඇඳිය යුතුය.
15. දිග කලිසමේ උස විලුබ දක්වා විය යුතුය.
16. කලිසමේ යට වාටිය (Falt) ශරීරයේ ප්‍රමාණය අනුව අඟල් 14 සිට 17 අතර විය යුතුය.
17.සිසුන් කළු සපත්තු ලේස් දමා ගැට ගැසිය යුතු අතර කළු මේස් පැළඳිය යුතුය. ඉදිරිපස උල් වූ සපත්තු නොපැළඳිය යුතුය.
18. කොණ්ඩය කොටට කපා පැත්තෙන් පිරිය යුතු අතර (ජෙල් වර්ග භාවිතා නොකළ යුතුය.) ඉතා කොටට කොණ්ඩය නොකැපිය යුතුය.
19. රැවුල ඇති විට සම්පූර්ණයෙන් කොටට කපා පැමිණිය යුතුය.
20. මුදු, මාල, අත් ඔරලෝසු, අතේ බඳින නූල් වර්ග නොපැළඳිය යුතුය.



ශිෂ්‍යාවන් සඳහා,
01. ටයි පටිය ඉණ පටියේ සිට අඟල් 02ක් පහළට එන තෙක් පැළඳිය යුතුය.
02. ගවුමේ රැළි පිහිතල පොලොවේ විය යුතුය. රැල්ලක පළල අඟල් 1 1/2 ක් විය යුතුය.
3. සිසුවියගේ ඉණ දක්වා පමණක් ගවුමේ ඉණ තිබිය යුතුය.
04. ඉණ පටිය පළල අඟල් 1 1/2 ක් විය යුතු අතර පැත්තෙන් ඉණට අල්ලා තිබිය යුතුය.
05. ගවුමේ අත වාටිය වැළමිටේ සිට අඟල් 04ක් උසින් පමණක් තිබිය යුතුය.
06. ගවුමේ විවරය අඟල් 06ක් පමණක් විය යුතුය.
07. විවරයට හක් එකක් හෝ අයිලට් අල්ලා තිබිය යුතුය.
08. ගවුමේ කර පළල් නොවිය යුතුය.
09. සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.
10.කොණ්ඩය දෙකට මැදින් බෙදා කරල් 02 ක් වන සේ ගොතා කළු රිබන් එකකින් අග්ගිස්සෙන් නමා බැදිය යුතුය.
11. කොණ්ඩය කැපීමේදී මුහුණට වැටෙන සේ නොකැපිය යුතුය. කොණ්ඩය කපන්නේ නම් ගවුමේ කොළරයේ නොගෑවෙන සේ කපා තිබිය යුතුය.
12.දිග කොණ්ඩය සඳහා කටු භාවිතා නොකළ යුතුය.
13. එල්ලෙන කරාබු නොපැළඳිය යුතු අතර විවිධ ආකාරයේ මුදු, ඔරලෝසු හා මාල භාවිතා නොකළ යුතුය.









