කිරින්දව මහා විද්‍යාලය

ඇඳුරිදු හරසර ප්‍රණාම

පෙර පෝ දා වැඩසටහන

slider-sample-11300x600.jpeg
IMG-20240312-WA0150.jpg
Slide
IMG-20240324-WA0177.jpg
previous arrow
next arrow

විදුහල්පති පණිවිඩය

H.U.R. හේවාවසම් මයා

කුලීයාපිටිය අධ්‍යාපන කලාපයේ ග්‍රාමීය පාසලක් වන කිරින්දව මහා විද්‍යාලය අතීතයේ සිටම ක්‍රීඩා, සෞන්දර්යය  අධ්‍යාපනය ඇතුළුව විවිධ අංශයන්ගෙන් ජාතාක මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර අප විද්‍යාලයෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් විශාල පිරිසක් අද වනවිට රටේ ඉහළ තැන්වල නිළ තනතුරු දරමින් රටදැය වෙනුවෙන් සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකරති.

අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර කිහිපය පුරා විශාල දියුණුවක් අත්පත් කරගෙන සිටින අතර අප පාසල සම්බන්ධ දෙස් විදෙස් විවිධ පාර්ශවයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට මෙම වෙබ් අඩවිය මනා පිටුවහලක්  වේ යැයි මගේ හැඟීමයි. ාමම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතිය වෙනුවෙන් සහයෝගය දක්වන මෙන් සියළු දෙනාට ආරාධනා කර සිටිමි. මෙම කාර්යය සාර්ථක කිරීමට නන් අයුරින් සහයෝගය දුන් සියළු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි. අප විද්‍යාලයේ දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.
 

H.U.R. හේවාවසම් මයා
විදුහල්පතිතුමා
කුලී /කිරින්දව මහා විද්‍යාලය .